14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයින් 3,702 දෙනෙකු මීළඟ නිලයට උසස් කර තිබෙනවා
අභිමානවත් ජාතික රණවිරු සැමරුම් උළෙල අද පස්වරුවේ දී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි
අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් විපක්ෂනායක මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු මැතිඇමතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම යුද්ධයෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ගේ දෙමාපියන් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ද මේ සඳහා එක්වනු ඇති
මෙහිදී 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදුකෙරෙන බවයි යුධ හමුදා මූලස්ථානය නිවේදනය කළේ
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311