රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවි කරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ ජුනි මස 15 වෙනි දින සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක බවයි.
යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව අද පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබෙනවා.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311