රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා පත් කර තිබෙනවා.
එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.
1990 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇති ඒ මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.
මීට පෙර ඒ මහතා කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311