රජය මගින් ලබා දී ඇති සුඛෝපභෝගි මොටර් රථ යළි භාර දීම පාකිස්ථාන අමාත්‍යවරුන් පිරිසක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පාකිස්ථාන අගමැති ෂෙබාස් ශරීන් අදාළ මෝටර් රථ යළි භාර දෙන්නැයි අමාත්‍යවරුන්ට නියෝග කර තිබුණා.
කෙසේවෙතත් එරට අමාත්‍යවරුන් 16 දෙනෙකු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පාකිස්ථානය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා.
ඒ අනුව රජයේ වියදම් කපා හැරීමටයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එම නියෝගය ලබා දී තිබුණේ.
පාකිස්ථානයේ අමාත්‍ය මණ්ඩලයට සුඛෝපභෝගි මෝටර් රථ 30ක් ලබා දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311