සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මානය කිරීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
රට යළි ගොඩනැගිය හැකිවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් පමණක් බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත ශක්තිමත් කිරීම පිළිබද සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
ඒ පක්ෂයේ නිර්මාර්තෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
ගම් මට්ටමින් පක්ෂය යළි ශක්තිමත් කිරීම පිළිබද මෙහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා කර තිබෙනවා.
මේ එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311