රාජ්‍ය ආයතන භාවිත කරන රථවාහන පිලිබඳ විමර්ශනයක් ආරම්භ කරන බව ජාතික විගණන කාර්යාලය පවසනවා .
එම විමර්ශනය සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහය අපේක්ෂා කරන බවයි විගනකාධිපති ඩබ්ලිවු. පි.සි වික්‍රමරත්න මහතා සඳහන් කලේ.
ලේකන ගත කර ඇති පරිදි අදාළ වාහන රාජ්‍ය ආයතන සතුව තිබේද ,එම වාහන කාර්යක්ෂමව භාවිතා කර තිබේද යන්න සොයා බැලීම මෙහි අරමුණ වී තිබෙනවා.
අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන වෙන වෙනම විමර්ශනය කරන බවයි විගනකාධිපතිවරයා පවසන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311