රාජ්‍ය සේවයේ 40 දහසකට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරන බවයි.
රාජ්‍ය සේවයේ සියලු නිලධාරින් ඉදිරියේදී තොරතුරු තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් පුහුණු කරවනු ඇති.
ඉදිරි වසර දෙක තුළ රාජ්‍ය සේවකයන් ලක්ෂයක් පුහුණු කිරීම රජයේ ඉලක්කයයි.
අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විටත් නව ඩිජිටල් ක්‍රමය සඳහා ප්‍රතිපත්තියක් නිර්මාණය කර තිබෙනවා.
පාසල් දහසකට තොරතුරු තාක්ෂණය සැපයීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311