පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රජයක් ලෙස බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බැවින් ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු නිකායයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ .
ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ ඒ පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීයි.
මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ සමාරම්භක උත්සවය සඳහා සාම්ප්‍රදායානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වනු ඇත.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311