රුසියා විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අතර තීරණාත්මක හමුවක් පැවැත්වුණා.
රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර මෙම හමුව සිදුවුණේ ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරදීයි.
යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම නිලධාරීන් දෙදෙනා හමුවූ පළමු අවස්ථාව මෙය වනවා.
මෙහිදි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඉල්ලා ඇත්තේ යුක්‍රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම හමුව විනාඩි 10කටත් වඩා අඩු කාලයකට සීමා වූ බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311