රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙසයි රුසියානු ජනාධිපතිවරයා එරට ප්‍රකෝටිපතියන්ගෙන් ඉල්ලා ඇත්තේ.
යුක්‍රේන ආක්‍රමණය ආරම්භයෙන් පසු ප්‍රථම වතාවට පැවතී ව්‍යාපාරික හමුවක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කර තිබෙනවා.
එරට ධනපතින්ගේ කාර්යභාරය මුදල් ඉපැයීම පමණක් නොවන බවත්, සමාජයට උපකාර කිරීම කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311