හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ජෝර්දානය යොදා ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් දැඩි අවධානය යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
එසේම මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වන බවද එම නිවේදනයේ සඳහන්.
මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස හා මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම්වන ලෙසත්, රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික අංකය ඔස්සේ ඇමතීමෙන් හෝ 011 286 4241 අංකය ඔස්සේ විමර්ශන අංශය අමතා තොරතුරු ලබාදෙන ලෙසටද කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311