ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල වනෝද්‍යානයේ හයවැනි කලාපය ලෙස අද දින විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටයාර එක්ලක්ෂ විසිපන්දහස් හැත්තෑවක් දක්වා ඉහළ යනු ඇති.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ ඒ ඩී ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේ යාල වනෝද්‍යානයට පවතින
දැඩි සංචාරක ආකර්ශනය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
යාල 6 වැනි කලාපයට හෙක්ටයාර 27,185 ක් ඇතුළත් වන අතර ඌව පළාත් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ ජලචර පක්ෂීන් රැසක් අදාළ කොටසේ දී සංචාරකයින්ට දැකබලා ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවන බවටයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311