තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකින් තුවාල ලබා තිබෙනවා
ඔවුන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බවයි අප වාර්තාකරු පැවසුවේ
හැටන් ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් පයට පැගිමෙන් පසු ඇවිස්සුණු බඹරුන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 08 දෙනෙකුට සහ වතු කම්කරුවන් 04 දෙනෙකු පහර දි ඇති බවයි සදහන් වන්නේ
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් හයදෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 06 දෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නෙ
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311