සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වතු කම්කරුවන්ට විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
අදාළ නීති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත්තේ වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීයි .
මෙම සාකච්චාව වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර දෙසියක් ගත වීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් පවත්වා තිබෙනවා .
වතු කම්කරුවන්ට කම්කරු දෙපාර්තමේන්තුව විසින් සිංහල භාෂාවෙන් ලිපි යොමු කිරීම හේතුවෙන් සිය ගැටලු විසඳා ගැනීමට නොහැකිවීම පිළිබඳව වෘත්තීය සමිති එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා .
ඒ අනුව මෙලෙස යවනු ලබන සියලුම ලිපි දෙමළ භාෂාවෙන් යොමු කරන ලෙසයි අමාත්‍යවරයා අදාළ සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇත්තේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311