ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර විසා නිකුත් කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ ඉන්දීය වීසා ආයතනයේ අනු ශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවතේ පිහිටා ඇති බව සදහන් කරමින් අදාල වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිසිය පවසන්නේ.
ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කාලයක සිට විසා නිකුත් කිරීම සදහා මෙලෙස මුදල් ලබා ගෙන ඇත්තේ වයස අවුරුදු 29 යේ පසු වන පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අන් අයෙකු ලෙස පෙනී සිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපල පනත යටතේ සිදු කර ඇති වැරදි හා පරිඝනක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහු සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇති බවටයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311