වැඩි වශයෙන්ම ජලය අපතේ යෑම සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස පාසල් පරිශ්‍ර හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එමෙන්ම වැඩිම ජල නාස්තිය සිදු වන දෙවන ස්ථානය ලෙස පූජා භූමි හඳුනාගෙන ඇතිබවයි එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඒකනායක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ.
පාසල් සහ පූජා භූමිවලට ජල සැපයුම නොමිලේ සිදු කෙරෙන හෙයින් ජල නාස්තිය මෙසේ වැඩියෙන් සිදුවන බව පෙනී ගොස් ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
ජලය අපතේ යෑම හේතුවෙන් මණ්ඩලයට වාර්ෂිකව රුපියල් කෝටියකට වැඩි මුදලක් අහිමිවන බව සඳහන්.
මේ අතර පූජා භූමිවලට සැපයෙන ජල සැපයුම වෙනුවෙන් යම් මුදලක් අය කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311