අද දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ජල විදුලි බලාගාර ආශ්‍රිතව පවතින වැසි තත්වයන් අනුව විදුලි කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවනු ලැබිය හැකි බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.
ජල විදුලි උත්පාදනය සඳහා ජලය මුදාහැරීම අඩුවීම සහ තාප විදුලිය නිෂ්පාදනයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි විදුලිබල මණ්ඩලය කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311