ගෘහස්ථ ගෘහ පාලන සහායිකා තනතුර සඳහා ප්‍රථම වරට විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ දින 15ක පුහුණු පාඨමාලාව පෙබරවාරි පළමු වන දා සිට NVQ 3 මට්ටම ද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කර ඇති බවයි.
මේ වන විට කාර්යාංශ පුහුණුව ලබා දී ඇති කාන්තාවන් සඳහා සහ 2023 ජනවාරි 31 වන දින හෝ එදිනට පෙර පුහුණුව සම්පූර්ණ කර ඇති කාන්තාවන් සඳහා මෙම කොන්දේසිය අදාළ නොවන බවට එම කාර්යාංශය ප්‍රකාශ කළා.
මනා පුහුණුවකින් යුතු ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා පුහුණු පාඨමාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311