බෙංගාල බොක්ක ආශ්‍රිතව හමා ගිය මෝඛා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ මියන්මාරයට ආධාර කිරීම සඳහා ඉන්දියාව ‘කරුණා මෙහෙයුම’ දියත් කර තිබෙනවා.
ඒ අනුව සහන ද්‍රව්‍ය රැගත් ඉන්දීය නාවික හමුදාවේ නෞකා තුනක් යැන්ගොන් වෙත ළඟා වූ අතර සිව්වන නෞකාව ද මියන්මාරයට ලඟාවීමට නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
“නෞකාවල ආහාර ද්‍රව්‍ය, කූඩාරම්, අත්‍යවශ්‍ය ඖෂධ, ජල පොම්ප, විදුලි ජනන යන්ත්‍ර, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය යනාදිය ප්‍රවාහනය කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් සඳහන් කර තිබෙනවා.
මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට ඉන්දියාව මිත්‍රත්වයේ හස්තයක් දිගු කළ අතර ඉන්දියාව කලාපයේ පළමු ප්‍රතිචාරකයා ලෙස අඛණ්ඩව කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ.
මියන්මාරයේ ඉන්දීය තානාපති විනේ කුමාර් විසින් මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍යවල පළමු කණ්ඩායම යැන්ගොන් කලාපයේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත භාර දී ඇතැයි ද විදෙස් මාධ්‍යන්හි සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311