2022 උසස් පෙළ විභාගයට අදාළ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම අද දින ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මීට පෙර සැළසුම් කර තිබුණේ අද සිට ලබන මස 06 වැනිදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටයි.
කෙසේ වෙතත් ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අද සිට නියමිත පරිදි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311