අද මධ්‍යම රාත්‍රියේ උදාවන නත්තල පිළිගැනීමට ලක්වාසී සියලු කිතුණු බැතිමතුන් සූදානමින් සිටිනවා.
ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන ආශ්‍රිතව දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර කැරොල් ගී සංදර්ශන නත්තල් සාද මෙන්ම සහ තවත් පුණ්‍යක්‍රියා ද ඊට ඇතුලත්. සංවිධාන කර ඇත.
වී එෆ් එම් රේඩියෝවද අසිරිමත් නත්තල සැමරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් අද සහ හෙට සැළසුම් කර තිබෙනවා.
මහරගම, මහමේඝවත්ත, ශාන්ත මරියා දේවස්ථානයේ සිට මධ්‍යම රාත්‍රී නත්තල් ප්‍රධාන දේව මෙහෙය සජීවීව ගෙන ඒමට නියමිතයි.
සිංහල දේවමෙහෙය සජීවී විකාශය අද රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිත අතර කැරොල් ගී ප්‍රසගයක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දේවමෙහෙය වී එෆ් එම් යූ ටියුබ් නාලිකාවෙන් හා ෆෙස්බුක් පිටුවෙන් නැරැඹීමට ද අවස්ථාව උදාවනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311