කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා ගෙන සිටීමේ පුවතක් වර්තවුනා.
පසුහිය දිනෙක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුනේ කොළඹ ජාතික රෝහලේ ඇතැම් කණිෂ්ඨ සේවකයන් ගංජා භාවිත කරන බවයි.
එම ප්‍රකාශය හේතුවෙන් කෝපයට පත් කනිෂ්ට සේවකයින් පිරිසක් විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා තබා ගැනීමට කටයුතු කර තිබෙනවා.
රජයේ ඇතැම් රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ අයිස් හා ගංජා භාවිතා කර සේවය කරන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පසුහියදා ප්‍රකාශ කර තිබුනා.
ඒ හේතුවෙන් ඇතැම් සුළු සේවකයින් රෝගීන්ගේ බඩු භාහිරාදිය පවා සොරකම් කිරීමට පෙළඹී ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කර තිබුනේ
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311