බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසලදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි මෙම පුද්ගලයා පුද්ගලයන් විදේශ ගත කරන බවට පවසා මුදල් වංචා සිදු කර ඇති බවට සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.
වැඩිදුර විමර්ශනයේදී සැකරු කොළඹ ජාතික රෝහල තුලදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ඕස්ටේරලියාවට යවන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 70,000ක ලබා ගෙන මුදල් වංචාවක් සිදු කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.
සැකකරු 56 හැවිරිදි යක්විල, පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311