කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුනා.
ඒ ලකුණු 2කින් අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 149ක් රැස්කර ගනු ලැබුවා.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 56යි.
පන්දු 46කදී ගොඩනැගූ ඇයගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්.
විශ්මි ගුණරත්න පන්දු 34කදී හතරේ පහර 4ක් සමග ලකුණු 36ක් රැස්කලා.
චමරි අතපත්තු පන්දු 23කදී ලකුණු 27යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයේ බලාපොරොත්තු සුනුවිසුණු කළ ඕෂධී රණසිංහ ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් අතර ඉනෝකා රණවීර ලකුණු 26කට කඩුලු 3ක් දවාගත්තා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311