ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25වන සැසිවාරය අද විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වෙනවා.
2024 ජනවාරි මස 01 වනදා සිට ඉදිරි වසර 10ක කාලය සඳහා සම්මත කිරීමට නියමිත යුරෝපා සංගමයේ ජී එස් පී රෙගුලාසියේ නව චක්‍රය පිළිබඳ තොරතුරු යුරෝපා සංගමයේ දූත පිරිස විසින් එහිදී විස්තර කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සඳහන් කලේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා ජී එස් පී ප්ලස් බදු සහනය වර්තමානයේ ඉතා අත්‍යාවශ්‍ය බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311