ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී වැඩසටහන් සම්බන්ධයෙන් සෑහීමට පත්වන බව ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය, සූර්ය පැනල මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති සහ සූර්ය පැනල මගින් වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි අවුරුදු දහයක කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කෙරෙන නව බලශක්ති සැලැස්ම අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී බැන් කී මූන් මහතා වෙත පිරිනමනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311