ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හමුවට කැඳවා තිබෙනවා.
ඒ, විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම ඇතුළු ඉදිරි තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහායි.
මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් 8ක් විමර්ශන සඳහා යොදවා තිබෙනවා.
පොලීසිය පැවසුවේ, ඒ අතරට වෝහාරික විමර්ශන කණ්ඩායම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු අංශ අයත් බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311