ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණවලද අවශ්‍යතාවක් පවතින බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අවධාරණය කර තිබෙනවා.
එම ආයතනයේ ප්‍රකාශිකා ජෙසිකා ජෙනීංග්ස් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ තවදුරටත් අවබෝධ කරගැනීම සඳහා සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා හමු වූ බවයි.
වොෂින්ටන් නුවර පැවති මෙම හමුවේදී ආර්ථිකය අර්බුදය හමුවේ ඉදිරියේදී ලබාදීමට නියමිත සහන පිළිබඳව ද සාකච්ඡාව වී ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311