ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම අද ආරම්භ කෙරුණා.
ලබන 15 වැනි දා තෙක් එම අයදුම්පත් භාර ගැනෙනු ඇති.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, ජාතික විගණන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා සඳහා එලෙස නව සාමාජිකයින් බඳවා ගැනෙනු ඇතියි.
ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග අවසන් වුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311