2022 සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණේ පසුගිය මස 29 වනදායි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කොළඹදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය අතරතුර කලහකාරි ලෙස හැසුරුණු සිසුන් සහ විභාග වංචාවන්ට සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි.
කටුගස්තොට ප්‍රදේශයේ ජාතික පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙපිරිසක් අතර පසුගියදා ගැටුමක් ඇති වූ අතර එහිදී සිසුන් කිහිපදෙනෙකු හට තුවාල සිදුවුණු බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311