මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9 ලබාගත් සිසුවෙකුට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා.
මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම සිසුවා ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව ඥාති නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටියදී තවත් පුද්ගලයෙකු සමඟ බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී අදාළ පුද්ගලයා විසින් සිසුවාට භූමිතෙල් දමා ගිනි තැබීම සිදුකර තිබෙනවා.
ගින්නෙන් සිසුවාගේ ශරීරයේ හිසට පහළින් කොටස් පිළිස්සීමට ලක්ව මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර සිසුවාගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු සහ කොල්ලකෑම් චෝදනා එල්ල වූ අයෙකු බව පොලීසිය ප්‍රකාශ කළා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බවයි මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311