ජුලි 01 වැනි දා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ . සිවබාලසුන්දරන් පවසනවා.
ඔහු ප්‍රකාශකර සිටියේ, 9 ශ්‍රේණියෙන් පහළ පන්ති සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බවයි.
ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් එම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටින්නේ.
යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311