මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ් සාමාර්ථ 09 ක් ලබාගෙන සමත්වූ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවාට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිසුවා පසුගිය සෙනෙසුරාදා විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු තමන් ලැබූ විශිෂ්ඨ ප්‍රතිඵලය සිය මිත්තණියට දැනුම්දීම සඳහා පියා සමඟ මිත්තණියගේ නිවසට ගොස් ආපසු එමින් සිටියදීයි එම සිද්ධියට මුහුණපා ඇත්තේ
එහිදී සිද්ධියට සම්බන්ධ සැකකරු විසින් මුදල් ඉල්ලා ආපසු නිවස බලා එමින් සිටි එම සිසුවාගේ පියාට පහරදීමට උත්සහ දරා ඇති බවයි අනාවරණවී ඇත්තේ.
සැකකරු සතුව එම අවස්ථාවේදී හුළු අත්තක් සහ ලාම්පුවක් තිබූ බවද අනාවරණ වී තිබෙනවා.
එම අවස්ථාවේදී පියාට පහරදීම වැළැක්වීමට අදාළ සිසුවා උත්සහ දරා ඇති අතර එවිට සැකකරු ලාම්පුවේ තිබූ තෙල් සිසුවාගේ ඇගට ඉස අතතිබූ හුළු අත්තෙන් ඔහුට ගිනි තබා ඇති බවයි අනාවරණවී ඇත්තේ.
එම සිද්ධියෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ සිසුවා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මහනුවර අම්පිටිය ප්‍රදේශයේ කප්පම් ලබා ගන්නා මැර කණ්ඩායමකට අදාළ සැකකරු සම්බන්ධ බවද වාර්තා වනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311