මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 30වනදා දක්වා වූ කාලය තුල දිවයින පුරා වැටලීම් 31,342ක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එම වැටලීම්වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 31,342ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 4,559 දෙනෙකු කාන්තාවන් බව සඳහන්.
එසේම මෙම වැටලීම් වලදී සිය භාරයට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 350 ඉක්මවන බවයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබඳව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් මිලියන 118ක් දඩ මුදල් ලෙස පනවා තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311