නියමු ව්‍යාපෘතියක් ලෙස සූර්ය බලශක්තිය උපයෝගි කර ගනිමින් ධාවනය කළ හැකි බස්රථ සදහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
මහාමාර්ග අමාත්‍යාංශය විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සදහන්.
ඒ අනුව අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ වාණිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මෙය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදු කරන ලද ව්‍යාපෘතියක් ලෙසටයි හදුන්වා දී ඇත්තේ.
එහිදි බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහා ආරෝපිත විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක බස් රථ ධාවනයට යෙදීම සිදු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311