තුර්කිය සිදු කළ මෙහෙයුම් කිහිපයකින් අයිඑස් ත්‍රස්ත සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුර්කි ආරක්ෂක අංශ නිවේදනය කළේ ඊයේ දිනයේදී සිදු කළ හදිසි වැටලීම් වලදී අයිඑස්.අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මෙහිදී නගර 30 ක මුල් කර ගනිමින් මෙම වැටලීම් සිදු කර තිබෙනවා.
පසුගිය සතියේදී රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී සාමාන්‍ය වැසියන් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එම සිද්ධියෙන් පසු යුරෝපයේ රටවල් රැසක් ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311