එළිමහනේ සෙල්ලම් කරමින් සිටි පෙර පාසල් දරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය කියා සිටියේ ගිරිඋල්ල මාහරගම පල්කඩ ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරුවන් 22 ක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ඉහළින් ගමන් කරමින් සිටි බඹරුන් රෑනක් දරුවන් සිටි ස්ථානයට පාත්වීම නිසා මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත ිබවයි.

ප්‍රහාරයට ලක්වූවන් අතර දරුවන්ට අමතරව පෙර පාසලේ ගුරුතුමිය ඇතුළු මව්වරුන් කිහිප දෙනෙකුද සිටින බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

එලෙස රෝහල් ගත කරන ලද පෙර පාසල් දරුවන් විසි දෙදෙනා ඇතුළු තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා.

 

WhatsApp Group

Skip to content