ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත්, අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ සිට කෙමෙන් පහළට පැමිණෙමින් ඇති බවයි වාර්තාවන්නේ.

එම චන්ද්‍රිකාව කඩා වැටීමෙන් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කිලෝ ග්‍රෑම් 2,450 ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට පැමිණෙද්දී ගිනි ගෙන දැවී කැබැලි වනු ඇතැයි ද නාසා ආයතනය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.

මෙලෙස කඩා වැටෙන්නේ පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීමට 1984 වසරේ අභ්‍යවකාශයට යැවූ චන්ද්‍රිකාවකි.

WhatsApp Group

Skip to content