Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජුගේ, රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සදහන් කළේ.

ජනාධිපතිවරයා ඇතුළු මෙම පිරිස අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, පසුව ඔවුන් වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඇති මුදල් අමාත්‍ය ධුරයෙහි තාවකාලිකව වැඩි බැලීම සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content