අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 14 ක් සැපයීම සඳහා චීනය විසින් ලබාදී ඇති අමෙරිකානු ඩොලර් 27 ක ප්‍රදානය භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200 ක ප්‍රදානයක් වෙන්කර ඇති බවයි.

මීට අමතරව ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට හිමි වූ ඩොලර් බිලියනයක මුදලින් ඩොලර් මිලියන 35 ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබුණු බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content