මහජනතාවට සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙකත් හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහයක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බවයි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව සහ ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝහලේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content