සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 22කට වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර තිබෙනවා.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලද අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වනවා .

ඒ හේතුවෙන් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් වෙත නිවැරදිව ලබාදීමට කටයුතු කරන ලෙස රජය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content