හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස 9 වනදා එම නඩුව යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී.
2012 වර්ෂයේ දී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා සතොස ආයතනයේ සේවකයින් රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රීයාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් නිවේදනයක්
- අද පෙරවරුවේ සුනාමි පෙරහුරුවක්
- මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්
- මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව උණුසුම් කරයි
- විදුලි බිල ඉහළට බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළට
- මුලතිව් නීතිඥවරුන් සේවා කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කරයි
- වැඩිම අපනයන ආදායම අගෝස්තු මාසයේදී වාර්තා වේ
- ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරුණු 16ක වාර්තාවක්