පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව ,නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා .

මේ අතර,එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇති බවයි වාර්තාවන්නේ .

අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද සදහන් .

කෙසේවෙතත් ,ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එම සන්ධානය පිහිටුවීමට මූලික වී සිටින දේශපාලන පක්ෂ නායකයෙක් සදහන් කළේ.

මේ අතර,නව සන්ධානයේ විධායක සභාවේ සියයට හතළිහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්,සියයට තිහක් නිදහස ජනතා සභාවටත් ඉතිරි සියයට 30 උත්තර ලංකා සභාගය ඇතුළු සෙසු කණ්ඩායම් වලටත් වෙන්කිරීමට ද යෝජනා වී ඇති බව සදහන් .

WhatsApp Group

Skip to content