ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන සහ මුල්‍ය ගැටළු සොයා බැලීමට සය පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසිනුයි මෙම කමිටුව පත්කර ඇත්තේ.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති අතර පසුගිය 21 වනදා සිට මෙම පත්කිරීම බලාත්මක වනු ඇති.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන මහත්මියයි.

WhatsApp Group

Skip to content