Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි අද සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා .

ඒ අනුව චෙන්නායි ගුවන් තොටුපලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා මගීන් රැගත් ගුවන් යානයක් හෙට පෙරවරු 10 : 50ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වනවා.

2019 දී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කලා.

කෙසේවෙතත් කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග දෙරට අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

චෙන්නායි ගුවන් තොටුපලේ සිට එලායන්ස් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානය හෙට පෙරවරු 10:50 ට පමණ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී යළි පෙරවරු 11:50ට චෙන්නායි බලා පිටත් වීමට නියමිත බව සදහන් .

එමෙන්ම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මකයි .

WhatsApp Group

Skip to content