Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර තිබෙනවා.
ඒ , සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව කළ විමර්ශනවලට අදාලවයි.


විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්ය වනවා.
එසේ බලපත්‍රයක් ලබාගැනීමේදී 1985 අංක 21 දරණ කාර්යාංශ පනත හා 1994 අංක 4 හා 2009 අංක 56 දරණ සංශෝධිත පනත් ප්‍රකාරව, විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳ සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය සහනයන් සැලසීමත් සහ සේවා ගිවිසුමේ කොන්දේසි කඩනොවන පරිදි රැකියා අවස්ථා සලසා දීම එකී තැනැත්තන් විදේශ ගතකිරීමට මැදිහත් වූ රැකියා නියෝජිතායතනයේ වගකීමයි.

WhatsApp Group

Skip to content