පන්විල, නාරම්පනාව, ඔරුතොට මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ නාරම්පනාව දෙස සිට ඔරුතොට දෙසට ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රීරෝද රථයේ ගැටී අදාළ අනතුරු සිදු ව ඇති බවයි.

අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් 11 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අනතුරට පත්වීමෙන් පසු රෝහල් ගත කර ඇති අතර ලොරි රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරන් වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content