ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූවා.

ආසියානු ක්‍රීඩා උළලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙලෙස රන් පදක්කම් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුවයි.

2002 වර්ෂයේ දකුණු කොරියාවේ පැවැති ක්‍රීඩා උළලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 100 ධාවන ඉසව්වෙන්ද දමයන්ති දර්ශා මීටර් 400 ධාවන ඉසව්වෙන්ද රන් පදක්කම් දිනාගැනීමෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා.

එසේම ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ වසර 9කට පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු රන් පදක්කමද මෙය වනවා.

මේ අතර මේ වන විට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400×4 පිරිමි සහාය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම කණ්ඩායමට කාලිංග කුමාර, අරුණ දර්ශන, පබසර නිකු සහ රජිත රාජකරුණා සහභාගි වූවා.

හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට නදීෂා ලේකම්ගේ ඊයේ(03) සමත් වූවා.

WhatsApp Group

Skip to content