මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට යම් බලපෑමක් එල්ල වී ඇති බව එම සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යෑම ඊට හේතුව වී ඇති බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,200ක් පමණක් මේ වන විට දිවයිනම ආවරණ කරමින් සේවයේ යෙදෙන අතර එය සේවා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවයි එම සංගමය අවධාරණය කළේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කිරීම සඳහා වසර දෙකක් පමණ ගතවන බව සඳහන්.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ මෙන් යම් සේවා දිගුවක් ලබා දෙන ලෙසයි උපුල් රෝහණ මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව ට ද අවුරුදු 63ක දක්වා දීර්ඝ කිරීමක් ලබා දෙන්නේ නම් පවතින අර්බුදකාරී වාතාවරණය තරමක් දුරට වළක්වා ගත හැකි බවද එම සංගමය සඳහන් කළා.
උණුසුම් පුවත්
- කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි
- සිනොපෙක් ඉන්ධන පිරවුම් හල් 50 ක් ළඟදීම
- තිලීපන් සැමරුම තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්
- හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරුව අද
- ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී 1.3 %ක අගයක් ගන්නා ලකුණු
- දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
- බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක්
- මුද්‍රිත ජල බිල්පත් වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමයකට සැලසුමක්